වවුනියාවේ නිවසක ලේ පැල්ලම් සහිතව ගෙලවැළලාගත් තරුණයෙකුගේ සිරුරක්

(වවුනියාව මාධව කුලසූරිය.)

වවුනියාව,කාත්තාර්සින්නකුලම ප්‍රදේශයේ නිවසක ලේ පැල්ලම් සහිතව ගෙලවැළලාගත් තරුණයෙකුගේ සිරුරක් ඊයේ(04) සවස හමුවු බව වවුනියාව පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ වවුනියාව,කාත්තාර්සින්නකුලම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සෙල්ලදුරෙයි කපිනාත් නමැති තරුණයෙකුගේ මළ සිරුරක් නිවස තුළ තිබි එලෙස හමුවු බවයි.

මියගිය තරුණයා නිවසේ තනිව ජිවත්ව ඇත.

තරුණයාගේ මරණය ඝාතනයක්ද,සියදිවි නසා ගැනීමක්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන බවද පොලිසිය සඳහන් කළේය.

මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා වවුනියාව රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමු කෙරිණ.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *