සංජීවනී පද්මසේන
වසර 4කට පසුව වයිස්රෝයි විශේෂ දුම්රිය අද සංචාරක කටයුතු ආරම්භ කළා. සංචාරකයන් පිරිසක් රැගත් මෙම විශේෂ වයිස්රෝයි දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද පෙරවරුවේ පිටත් වුණා. ගල් අඟුරුවලින් ධාවනය වන වාෂ්ප එන්ජිමක් සහිත මෙම දුම්රිය සංචාරක දුම්රියක් ලෙස මහත් ප්‍රසිද්ධියක් උසුලනවා. මෙම දුම්රිය දිනෙන් දින වර්ධනය වන සංචාරක කර්මාන්තය සඳහා විශාල පිටුවහලක් වන බවට විස්වාස කරනවා.

