වන අලි පොල් වත්තක් වනසති

වවුනියාව ප්‍රසන්න ප්‍රදීප්

කිලිනොච්චිය උත්රපුරම් ප්‍රදේශයේ පොල් වගාවකට කඩා වැදුණු වන අලි රංචුවක් එම වගාවේ තිබු පොල් ගස් 40 ක් පමණ විනාශකර දමා ඇති බවට ගොවීහු මැසිවිලි නගති. ඉකුත් 17 දා රාත්‍රියේ වන අලින් මෙසේ අදාල වගාව විනාශ කර දමා ඇති බව ගොවීහු සදහන් කරති.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට මෙම වන අලි තර්ජන බහුලව බලපා ඇති බවට ජනතාව සදහන් කරයි. කෙසේ වෙතත් වන අලි ගැටලුවට කිසිදු පාර්ශවයකින් මෙතෙක් විසඳුමක් ලැබී නොමැති බවත් දිනෙන් දින මෙම ගැටලුව උග්‍ර වෙමින් පවතින බවටත් ජනතාව පෙන්වා දෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *