චම්පිකා මුතුකුඩ
වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම් කවුළුවේ චිමිනියෙන් කළු දුමාරයක් නිකුත් වී තිබේ.
නව පාප්වරයෙකු තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීමට සහභාගී වන යම් කාදිනල්වරයෙකු 50% වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගතහොත් මෙම දුම් කවුළුවෙන් සුදු දුමාරයක් නිකුත් කරනු ලබන අතර, කිසිදු කාදිනල්වරයෙකු 50%ක ඡන්ද ප්‍රමාණය සම්පූර්ණ නොකළහොත් කළුදුමාරයක් නිකුත් කරනු ලැබේ.
ඒ අනුව ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව එම ධුරය සඳහා නව පාප්වරයෙකු තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමේ පළමු දිනයේ දී නව පාප්වරයෙකු තෝරා පත්කරගැනීමට නොහැකි වී ඇත.
වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවට රැස්වු ලොවපුරා සිටින කාදිනල්හිමිවරු ඊයේ (7) පළමුව එහි පැවති දිව්‍ය පූජාවට සහභාගී වූහ. දිව්‍ය පූජාවේ ප්‍රධානත්වය දැරුවේ ජියෝවානී බැටිස්ටාරේ කාදිනල්තුමාය. අනතුරුව රැස්ව සිටි කාදිනල්වරු බයිබලය මත දිවුරුම් දුන්හ. මෙරට වේලාවෙන් රාත්‍රී 10.30ට පමණ නව පාප් වරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීම ආරම්භ විය. ඉතිහාසයේ පළමු වරට මෙවර මෙම කාදිනල්වරුන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් යුරෝපය නියෝජනය කරති. ශ්‍රී ලංකාවේ අග රදගුරු අති උතුම් රංජිත් මැල්කම් හිමිපාණෝද මෙම ඡන්ද විමසීම සඳහා සහභාගී වූහ.
ඡන්ද විමසීම සඳහා සඳහා කාදිනල්හිමිවරු 133 දෙනෙකු සුදුසුකම් ලබා සිටිති.ඡන්ද විමසීම අවසන් ව නව පාප්වරයෙකු තෝරාගන්නාා තුරු වතිකානයට රැස්වූ කාදිනල්වරුන්ට බාහිර ලෝකය සමඟ සම්බන්ධතා තහනම් වෙයි. ඒ ඔවුන්ගේ තීරණයට බාහිර ලෝකයේ බලපෑම වැළැක්වීමටය. ශුද්ධෝත්තම පාප් වහන්සේ යනු ලොව පුරා කතෝලිකයින්ගේ ආගමික ප්‍රධානියාය.
අද (08) දිනයේ දී නැවත ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.
