අජිත්ලාල් ශාන්තඋදය
සබරගමු පළාත් සභාව මගින් ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලබන රත්නපුර නව නගරයේ නාගරික උද්‍යානය සදහා රුපියල් මිලියන සියයක් වෙන්කර ඇති බව සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකි රාජරත්න මහත්මිය අවධාරණය කරන්නීය.
දැනට ඉදිකෙරෙමින් පවතින එහි නිරීක්ෂණ චාරිකාවකට පසුගිය 25දා සවස ඇය එක්වුවා ය. ඵළිමහන් උද්‍යානයක්, ළමා උද්‍යානයක්, ඉහළ ප්‍රමිතියෙන් යුතු ආපනශාලා හතරක්, ඵළිමහන් කායවර්ධන මධ්‍යස්ථානයක් සහ සනීපාරක්ෂක පද්ධතියක් මෙම නාගරික උද්‍යානයේ ඉදිකිරිමට නියමිතය. ඉදිකිරීමේ ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා යුධ හමුදාව මගිනි.
මෙහි සැලසුම් සහ අධීක්ෂණ සේවා සිදුකරනෙු ලබන්නේ සංවර්ධන අධිකාරිය සහ පළාත් ඉංජිනේරු සේවාව මගිනි.


26-10 නාගරික උද්‍යානයේ සැලසුම