වර්ෂා අමරජිත් _එරත්න
ගිලන් කළ..
කුමක් කරමිද..
මට මගේ නොවූ කය..
අනියත දකිමි මම..
හිමියනේ ඔබ දෙසූ දම් අමා ..
සොයා අබ මිටක්..
ගෙයින් ගෙට දිවූ..
කිසා ගෝතමී මම..
පාරමිතා පුරා..
සසර පුරාවට…
කුමක් පැතුවේ ද..
සපල නැති දිවිය..
සිත,කය,වචනය ගිලන් වූ දා..
අනේ බුදු හිමියන්ගේ…
වඩිනු මැන..
සාරා සංඛ කල්ප ලක්ෂයක්..
පෙරූ පින් බලෙන්..
සෙත් කරනු මැන..
අවබෝධ වනු පිණිසම..
යලි යලිත්..
ඒ දහම් මග..
