වගාවේ ගස්ලබු පලදාවෙන් දන්සැලක්

(සමන් පෙරේරා)   

තිරප්පනේ ඇතුන්ගම ගොවි මහතෙකුගේ ගස්ලබු වගාවේ පලදාව මහපාරට ගෙනවිත් වෙසක් වන්දනාවේ ගිය බැතිමතුන්ට ලබදීමේ අපූරූ දන්සැලක් ඊයේ දිනට යෙදී තිබුණු වෙසක් පෝය නිමිත්තෙන් තිරප්පනේ  මහානාම විද්‍යලය ඉදිරිපිට තුරුසෙවණේ දී පැවැත්විණි.

ඇතුන්ගම නිශාන්ත කරුණාසේන මහතාගේ ගස්ලබු වගාවේ ගස්ලබු කිලෝ 3500ක් පමණ මෙලෙස බැතිමතුන් සඳහා දන්සැලක් ලෙස පිළිගැන්වීය.

මේ උතුම් පිං කටයුත්ත සඳහා ඇතුන්ගම ප්‍රදේශවාසින් ද දායක කරගනිමින් මෙම දන්සැල සංවිධානය කර තිබුණි. වන්දනාවේ ගිය විශාල බැතිමතුන් පිරිසක් මෙම දන්සැලට එක්වනු අයුරු දැකගත හැකි විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *