වගාවන්ට හානි කරන වන සතුන් පිළිබඳ සංගණනයක්

නිමල් කොළඹිස්ස – මහනුවර

ගෙවතු හා කෘෂිකාර්මික වගාවන්ට දැඩි හානි සිදු කරන වන සත්ව සංගණනයක් පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

මාර්තු මස 15 වන දින පෙරවරු 08.00සිට මිනිත්තු 05ක කාලයක් නිවාස, රජයේ ආයතන, ආගමික ස්ථාන හා පොදු ස්ථාන කේන්ද්‍ර කොට මෙම සංගණනය පැවැත්වෙන බව මහනුවර දිස්ත්‍රික් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය නිරූෂා අයෝනි මහත්මිය පැවසුවාය.

රිලවා, අළු වඳුරා, දඩු ලේනා සහ මොනරා යන සත්වයන් මෙම සංඝණනයට අන්තර්ගත වන බවත් මිනිත්තු 05ක් වැනි කෙටි කාලයක් ලබා දෙනුයේ මෙම සත්වයන් ගමන් කරන බැවින් ද්විගණනය වැළැක්වීම සඳහා යැයි ද ඇය සඳහන් කළාය.

ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන මෙම සංගණනය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ඉදිරි දැනුවත් කිරීම් සිදු කරන බව ද සහකාර අධ්‍යක්ෂවරිය කීවාය.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *