යසාංග මහවිතාන
ලොව වයස්ගතම පුද්ගලයා මියගිය බව විදේශ මාධ්‍ය ප්‍රකාශ කරයි.
ලොව වයස්ගතමයි පුද්ගලයා ලෙස සැලකුණේ බ්‍රසීලියානු කන්‍යා සොහොයුරියකි.ඇය නමින් ඉනා කැනබාරෝ ලූකස් වන අතර මිය යන විට ඇගේ වයසෙහි අවුරුදු 116කි.
1908 ජුනි 8 වැනි දින දකුණු බ්‍රසීල ප්‍රාන්තයේ රියෝ ග්‍රෑන්ඩ් ඩෝ සුල් හි උපත ලත් බවකියැවෙන ඉනා කැනබාරෝ ලූකස් කතෝලික කන්‍යා සොහොයුරියක් බවට පත් වනුයේ වයස අවුරුදු විස්සේදීය.
දැඩි පාපන්දු ලෝලියෙකු වූ ඇය ඇගේ ප්‍රියතම පාපන්දු කණ්ඩායමේ ස්කාපය ස්කාෆය පැළඳගෙන පාපන්දු ක්‍රීඩාංගනයක හැඩය ගත් කේක් ගෙඩියක් කපමින් සිය 116 වැනි උපන්දිනය සමරා තිබුණි.
මිය යන විට ද සැලකිය යුතු මට්ටමේ රෝග තත්ත්වයකින් ඇය නොපෙලුණ බව ද ඇයගේ පවුලේ සාමාජිකයන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි..
ඇගේ වියෝවෙන් පසු ලෝකයේ වයස්ගතම පුද්ගලයා වන්නේ එංගලන්තයේ සරේහි වෙසෙන එතෙල් කැටර්හැම් නමැති 115 වයසැති කාන්තාවයි.
