ජගත් විජේසුරිය කොළඹ –
ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන්මාරය හා ලාඕසය යන රටවල් හතරෙහි ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ 60 නමක් පමණ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ආරාධනාව අනුව ලෝක සාමය උදෙසා, දයාව, කරුණාව, සෙනෙහසේ පණිවුඩය රැගෙන 2025 පෙබරවාරි 07 වෙනිදා දකුණේ තිස්සමහාරාම සෑරඳුන් අභියසින් ආරම්භ කළ මෛත්‍රී පාද චාරිකාව කිලෝමීටර් 650 ක් දුර ගෙවා උතුරේ නාගදීප රජමහා විහාරයෙන් මාර්තු 08 වෙනිදා අවසන් කෙරිණි.
උන්වහන්සේලා වෙනුවෙන් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත, දර්ශනපති පූජ්‍ය බලපිටියේ සිරිසීවලි නායක ස්ථවිරයන්ගේ අනුශාසකත්වයෙන් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව සංවිධානය කළ උපහාර පිදීමේ උත්සවය අද පෙරවරුවේ පන්නිපිටිය, දෙපානම ශ්‍රී දෙව්රම් මහා විහාරස්ථ මහාමංගල සම්මන්ත්‍රණ ශාලාවේදී අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති උත්තරිතර මහානායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා ගිහි පැවිදි පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙහිදී මහානායක හිමියන් විසින් සාම චාරිකාවට එක්වූ හිමිවරුන්ට සහතිකපතක් පිරිනමා ඇගයීමට ලක් කරනු ලැබිණි.

