ලක්මිණි නදීෂා – කොළඹ
තායිලන්තයේ පැවති 20 වන ලෝක මූයි තායි ශූරතා තරගාවලියේ දී රන් පදක්කම් 02 ක් , රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගත් ශ්‍රී ලංකා මූයි තායි ක්‍රීඩකයන් ඊයේ(19) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ලෝක මූයි තායි සම්මේලනය විසින් සංවිධානය මෙම තරගාවලිය ඉකුත් 03/09 දින සිට 03/19 දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවර නිමිනුත් ක්‍රීඩාංගනයේ දී , ලෝකයේ රටවල් 42 ක මූයි තායි ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පවත්වා තිබුණි .
මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝ ග්‍රෑම් 37 බර පංතිය , වයස අවුරුදු 10 – 11 කාණ්ඩය සදහා මෙම තරගාවලියට සහභාගී වූ සෙහස් අකීස රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබුණි . ඔහු තවමත් 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසැල් සිසුවෙකි .
අනෙක් රන් පදක්කම කිලෝ ග්‍රෑම් 54 බර පංතිය යටතේ විවෘත අංශයෙන් තරග කළ තරින්ද දසුන්ප්‍රිය දිනා ගැනීමට සමත් වී තිබුණි . ඔහු කොළඹ විශ්ව විද්‍යාලයයට අනුබද්ධිත සෞන්දර්ය සහ ප්‍රාසාංගික කළා විශ්ව විද්‍යාලයයේ උපාධි අපේක්ෂකයෙකි .
මෙම පදක්කම්ලාභීන් පිරිස ඊයේ රාත්‍රී 10.10 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීමට , මෙම ක්‍රීඩකයින්ගේ දෙමාපියන් , නෑදෑ හිතවතුන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
