ලෝක ජල දිනය අදයි

නික්කි රණසිංහ 

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම මාර්තු 22 වනදා ලෝක ජල දිනය යනුවෙන් නම් කර තිබේ.

මේ වසරේ ගෝලීය තේමා පාඨය “ග්ලැසියර සුරැකීම”යි. ග්ලැසියරවල 69%ක්ම ගබඩා වී ඇත්තේ ලෝකයේ ඇති නැවුම් ජලය බැවින්, ජීවය පවත්වා ගැනීම සඳහා මෙන්ම ජල චක්‍රය පවත්වා ගැනීම සඳහා ද ග්ලැසියර සිදු කරන ඉතා වැදගත් කාර්යභාරය ඉස්මතු කරයි.

ඕස්ට්‍රේලියාව හැර සෑම මහද්වීපයකම ග්ලැසියර පවතින අතර බහුතරය ඇන්ටාටිකාවේ සහ ග්‍රීන්ලන්තයේ පිහිටා ඇත.

ලොව පුද්ගලයින් බිලියන 2.2 ඉක්මවූ පිරිසකට මේ වන විට පිරිසිදු පානීය ජලය නොලැබේ.ලංකාවේ  62%  ජනගහනයක ප්‍රමාණයට පිරිසිදු ජලය ලැබේ.

 2030 වන විට ලෝකයේ ජල අවශ්‍යතාව සහ පවතින ජල සංචිත අතර පරතරයකට මුහුණදෙන බව ලෝක බැංකුව විසින් හඳුනාගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *