ලෝක ක්‍ෂය රෝග දිනය වෙනුවෙන් පා ගමනක් 

ලක්මිණි නදීෂා – කොළඹ 

අද ලෝක ක්‍ෂය රෝග දිනයයි. සෑම වසරකම මාර්’තු 24 වන දා ලෝක ක්‍ෂය රෝග දිනය සමරනු ලබයි. ක්ෂය රෝගය තවදුරටත් ලෝකයේ බැක්ටීරියාවක් මගින් ව්‍යාප්ත වන, වැඩි වශයෙන්ම මරණ සිදුවන රෝගයයි.

‘ඔව්, අපට ක්ෂය රෝගය තුරන් කළ හැක. කැප වෙමු, ආයෝජනය කරමු, සේවා සපයමු’ මෙවර එහි තේමාව වේ. ඒ අනුව මෙවර ක්ෂය රෝග පා ගමනක් සෞඛ්‍ය අංශය විසින් සංවිධානය කර ඇත.

එය කොළඹ දිස්ත්‍රික් ළය සායනයේදී අද (24 දා) පෙරවරුවේ ආරම්භ කෙරෙන අතර, අනතුරුව එය ශ්‍රී ලංකා ජාතික රෝහල දක්වා ගමන් කිරීමට නියමිතය.

2024 වර්’ෂයේ මෙරටින් වාර්’තා වී ඇති 9,180ක් වන සමස්ත ක්ෂය රෝගීන්ගෙන් පිරිමි රෝගීන් 5,219 ක් සහ ගැහැනු රෝගීන් 3,259 ක් බවත්, ළමා ක්ෂය රෝගීන් (අවුරුදු 14 දක්වා) 228ක් අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු අනුව ශ්‍රී ලංකාව තුළ වසරකට ක්ෂය රෝගීන් 14,000 ක් පමණ හඳුනා ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. කෙසේ නමුත්, වසරකට මෙරටින් හඳුනාගනු ලබන්නේ රෝගීන් 9,000 – 10,000 අතර ප්‍රමාණයක් වන අතර, ඒ අනුව දළ වශයෙන් 4,000 – 5,000ක් අතර හඳුනා නොගත් රෝගීන් සංඛ්‍යාවක් ප්‍රජාව තුළ සිටින බව නිරීක්ෂණය වී ඇත.

ගෝලීය වශයෙන් ගත් කල ලෝක ජනගහනයෙන් ¼කට වාර්’ෂිකව ක්ෂය රෝග කාරක බැක්ටීරියාව ආසාදනය වන අතර, එයින් මිලියන 10ක් පමණ සක්‍රිය ක්ෂය රෝගයට ගොදුරු වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *