විමුක්ති එස් රුද්‍රිගු
බුකින්.කොම් වෙබ් අඩවිය විසින් මෙම වසරේ සිදු කරන ලද”ලෝකයේ ඉහළම ආගන්තුක සත්කාර පිරිනමන නගර 10″ පිළිබඳ ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානය සීගිරියට හිමිව ඇත.
එම වෙබ් අඩවියේ සංචාරක සමාලෝචන සම්මාන උළෙලේ 13 වැනි සංස්කරණයේ කොටසක් ලෙස මෙම ශ්‍රේණිගත කිරීම බුකින්.කොම් වෙබ් අඩවිය විසින් සිදුකොට තිබිණි.
මෙම ශ්‍රේණි ගත කිරීමේ දෙවන ස්ථානය ස්පාඤ්ඤයේ කැසෝලා නගරයටත්, තෙවැනි ස්ථානය බ්‍රසීලයේ උරුබිකි නගරයටත් හිමිව ඇත. එසේම මෙම ශ්‍රේණිගත කිරීමේ පස්වන ස්ථානය ඇමෙරිකාවේ ශාන්ත ඔගස්ටීන් නගරයටත් අවසාන ස්ථානය වන දසවැනි ස්ථානය එක්සත් රාජධානියේ චෙස්ටර් නගරයටත් හිමිව තිබේ.
ශ්‍රී ලංකාවේ ‘සංස්කෘතික ත්‍රිකෝණයේ’ හදවතෙහි පිහිටා ඇති සීගිරිය ස්වභාවික තේජස, ගැඹුරු ඉතිහාසය සමඟ බාධාවකින් තොරව ඒකාබද්ධ කරන නැරඹිය යුතුම ගමනාන්තයක් බවද බුකින්.කොම් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය. යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන සීගිරි බලකොටුව පුරාණ ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යාත්මක හැකියාවන් පිළිබිඹු කරන්නක් බවද බුකින්.කොම් වෙබ් අඩවිය විසින් ප්‍රකාශ කර තිබේ.
