සංජීවනී පද්මසේන
ලක්ෂ ගණනක වටිනාකමින් යුක්ත ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකතන සොරාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට යක්කල පොලිසියේ නිලධාරීන්ට හැකිවී තිබේ.
මෙම සැකකරු අවුරුදු 27ක් පමණ වන පුද්ගලයෙකු වන අතර කඩවත යක්කල සහ ගම්පහ යන ප්‍රදේශ වලදී වසර ගණනාවක් තිස්සේ මෙම සොරකමෙහි යෙදී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. ඔහු යක්කල වරපලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොහු සොරාගන්නා ලද පරිගණක හා ජංගම දුරකතන ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ විකිණීමට කටයුතු කර ඇත.
සොරාගන්නා ලද ලැප්ටොප් හා ජංගම දුරකතන රාශියක් ඔහුත් සමඟම අත්අඩංගුවට ගැනීමට යක්කල පොලිසියට හැකිවී තිබේ.


