අජිත්ලාල් ශාන්තඋදය
දිනකට දහස් ගණනක් යනඑන කුරුවිට නගරයේ අවිධිමත් කසළ බැහැර කරන්නන් අල්ලාගන්නට නගරය පුරා ආරක්ෂිත කැමරා පද්ධතියක් සවිකළ බව කුරුවිට නගරය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රසාද් සිල්වා මහතා පැවසුවේය.
මේ වනවිට කුරුවිට නගරයේ දිරණ සහ නොදිරණ කසළ බැහැර කිරීම ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශය මගින් රාත්‍රී කාලයේ විධිමත්ව සිදුකරයි. එහෙත් ඇතැම් දිනවල අලුයම වනවිට නැවතත් තැනින් තැන දිරණ නොදිරණ කසළ ගොඩවල් ගොඩකර තිබෙනු නිරීක්ෂණය වු බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කීවේය.
එරත්න, ලස්සකන්ද, බටතොට, සුදාගල, දෙවිපහළ, කීරගල, අගලවත්ත, වතුයාය, උඩකඩ, හිග්ගස්හේන, ගෝනපිටිය, පාතගම, හල්පේ, පැරඩයිස්, මලව, වලදුර ආදී ගම්මාන විශාල ප්‍රමාණයකින් ද, සිරිපා වන්දනා වාරයන් හි සිරිපා කරුණාකරන සහ කරුණාකර ආපසු එන බැතිමතුන්ගෙන් ද නගරය පිරි පවතී.
මේ සම්බන්ධයෙන් නගර වැසියන් , ව්‍යාපාරිකයන් දැනුවත් කර ඔවුන් විධිමත් කසළ බැහැර කිරීමේ කාර්යයට එක් කරගත් බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කීවේය. නමුත් නගරයට තවමත් අවිධිමත් කසළ බැහැර කරන්න පුද්ගලයන් ”ලස්සන කුරුවිට” අවලස්සන කරන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කීවේය.
කුරුවිට ප්‍රාදේශීය සභාව ප්‍රධාන නගරය ආශ්‍රිතව ඇති රාජ්‍ය ආයතන, වෙළද සංගමය, ස්වේච්ඡා සංවිධාන සහ ”ලස්සන කුරුවිට” සංවිධානය එක්ව පොලිසියේ පරිසර ඒකකයේ ද සහයෙන් මෙම ආරක්ෂක කැමරා පද්ධතිය ස්ථාපිත කර ඇත.

ඡායාරූප කැප්සන්:
ආරක්ෂිත කැමරා පද්ධතියේ දර්ශන