ලක්මිණි නදීෂා
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් දහසය ලක්ෂ පන් දහසක් වටිනා කරදමුංගු තොගයක් සමග ගුවන් මගියෙකු අද (24) දින කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඔහු කොළඹ ප්‍රදේශයේ පදිංච් 34 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 06 ක් තුළ මෙම කරදමුංගු කිලෝ ග්‍රෑම් 107 ක ප්‍රමාණය සඟවාගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මේ වනවිට මොහු අත් අඩංගුවේ තබා ගෙන , මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිදු කරමින් තිබේ.
