බුද්ධික වීරසිංහ
රේගු නිළධාරීන් විසින් රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා පැමිණි වයස අවුරුදු 25ත් 30ත් අතර පසුවන තරුණයන් සිව්දෙනෙකු මෙලෙස රේගු අත්අඩංගුවට පත්ව ඇත. ඔවුන් වැල්ලම්පිටිය දෙමටගොඩ බම්බලපිටිය සහ කොස්වත් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හෙළිවී තිබේ.
මෙම තරුණයින් සිව් දෙනා සංවිධානාත්මකව එකිනෙකා වෙන්වෙන් වශයෙන් ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කර තිබේ, එහෙත් රිගු නිලධාරීන්ගේ තීක්‍ෂණ අවධානය මත එම ප්‍රයත්නයන් ව්‍යයර්ථව තිබේ. ඔවුන් සතුව තිබූ ගමන් මලු 20ක මෙම දුම් වැටී රැගෙන විත් තිබුණි.
ශ්‍රී ලංකා රේගුව් විසින් මෑත ඉතිහාසයේ සිදු කළ විශාලතම දුම්වැටි වැටලීම මෙය බැව් වාර්තා වෙයි.
