ලක්ෂ පනස් හයක රත්තරන් ලැප්ටොප්  සහ  දුරකථන සමග කතක් ගුවන්තොටුපොළේදී දඅත්අඩංගුවට

ලක්මිණි නදීෂා 

රුපියල් ලක්ෂ පනස් හයක් වටිනා ස්වර්’ණාභරණ, ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවක්, ඊයේ (01) ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඇය මත්තේගොඩ ප්‍රදේශයේ පදිංච් 63 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි. ඇය ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ රන් මාළ 23 ක් , රන් කැබැල්ලක් , අත් පළදනා 03 ක් , කරාබු ජෝඩු  සහ කර මාළ ලැප්ටොප් පරිගණක 06 ක් සහ ජංගම දුරකථන 11 ක් සගවා ගෙන තිබියදී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඇය පිළිබද කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත , කොට්ඨාශ බුද්ධි අංශයෙන් ලැබී තිබූ තොරතුරු මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.

මේ වනවිට මෙම ව්‍යාපාරික කාන්තාව සහ ඇය විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ භාණඩ තොගය මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *