L. නදීෂා
ලංකාවේ ජල ශාස්ත්‍රිය හැකියාවන් ඉහළ නැංවීම සඳහා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රිය කාර්’යාලය සහ එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රිය කාර්’යාලය ද්විපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තැබුවේය.ඒ අද (14) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදීය.
මෙම ගිවිසුම තුලින් ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රිය විද්‍යා ක්ෂේත්‍රයේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට අලෙවි කිරීම තුළින් දැනුම හුවමාරු කිරීම, ධාරිතා වර්ධනය, තාක්‍ෂණික සහයෝගීතාව සහ ආදායම් උත්පාදනය ඇතුළු ජල ශාස්ත්‍රිය විද්‍යාව පිළිබඳ සහයෝගිතාව වර්ධනය කිරීම අරමුණු කරගෙන ඇත.
මෙම ගිවිසුමට එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රිය කාර්යාලයෙහි රියර් අද්මිරාල් Angus Essenhigh සහ ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රිය කාර්යාලයේ රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය විසින් සිය රාජ්‍යයන් වෙනුවෙන් අත්සන් කරන ලදී. මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහ අන්තර් ජාතික ජල ශාස්ත්‍රිය සංවිධානයේ සභාපති රියර් අද්මිරාල් සිසිර ජයකොඩි, (විශ්‍රාමික) ආරක්‍ෂක අමාත්‍යාංශයේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රිය කාර්යාලයේ නිලධාරීන් සමඟින් එක්සත් රාජධානියේ නියෝජිත නිලධාරීන් පිරිසක්ද, සහභාගි වූහ.

