ලංකාව පුරා බෙදාහැරීමට තිබූ මත් ද්‍රව්‍යයක් තොගයක් අල්ලයි

ලක්මිණී නදීෂා . කොළඹ

රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් , ඉකුත් සති දෙකක කාළය තුළ , කොළඹ මධ්‍යම හුවමාරුව තුළ , භාර ගැනීමට නොපැමිණි පාර්සල් තුළ තිබී , ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් විසින් පසුගියදා  (19) පස්වරුවේ සොයා ගෙන , අත් අඩංගුවට ගෙන තිබේ .  මෙම පාර්සල් ප්‍රංශය ,ඇමෙරිකාව , කැනඩාව සහ නෙදර්ලන්තය යන රටවල සිට මහනුවර , මීගමුව , ජා – ඇළ , වැල්ලවත්ත , නුගේගොඩ , තංගල්ල , මහියංගනය සහ යාපනය යන ප්‍රදේශ වල පිහිටි ලිපිනයන් වෙත භාර දීම සදහා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබුණි .

මෙවැනි පාර්සල් 20 ක් ඉකුත් සති දෙකක කාළය තුළ තුළ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබූ අතර ඒවා භාර ගැනීමට කිසිවෙකු නොපැමිණීම නිසා , ඒවා පසුගියදා  (19) දින විවෘත කර පරීක්ෂා කිරිමට තැපැල්පතිවරයාගේ අනුමැතිය  ලබා ගැනීමෙන් පසු , ඒවා විවෘත කර පරීක්ෂා කිරිම සිදු කෙරුණි.

එහිදී  ඒවායින් පාර්සල් 14 ක ” කුෂ්” මත්ද්‍රව්‍ය ග්‍රෑම් 272 ක් සහ ” මෙතැම්පටමයින් ” මත්ද්‍රව්‍ය පෙති 2,049 ක් සොයා ගැනීමට රේගු තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් සමත් වී තිබුණි .

පසුව මෙම මත්ද්‍රව්‍ය තොගය , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් හදුනා ගෙන සහතික කිරීමෙන් පසුව මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

Leave a Comment

Your email address will not be published. Required fields are marked *