ලංකාවේ  කණ්ඩායමක් ප්‍රථම වරට  ආසියානු පැරා ත්‍රෝ බෝල් තරගාවලියට

 

අජිත්ලාල් ශාන්තඋදය

පා  සහ දෙපා අහිමි ක්‍රීඩකයින් නව දෙනෙකුගෙන් යුතු ජාතික පැරා ත්‍රෝ බොල් කණ්ඩායම මේ මස (මාර්තු) 28,29,30 යන දිනවල කාම්බෝජයේ පැවැත්වෙන පළමුවන ආසියානු පැරා ත්‍රෝ බොල් තරගාවලියට සහභාගිවීම පිණිස 27දා දිවයිනෙන් පිටත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ සහ සේවය කරන යුද්දයේදි පාදයක් සහ පාද දෙකම අහිමි රණවිරුවන් නව දෙනෙකුගෙන් ජාතික ත්‍රෝ බෝල් කණ්ඩායම සමන්විතය. එම්. සුරංග විජේරත්න, ජේ.ඒ.ජයතිලක, ඩී.පී.කේ.සෝමසේකර, එම්.ජී.වික්‍රමරත්න, ඩබ්.එම්.එල්.ඩී.වීරසේකර, එම්.ජී.ජී.ඒ. බණ්ඩාර, ජී.ඒ.අයි.එම්. ගුණසේකර, එම්.ඩී.ජී.සුමිත් කරුණාරත්න, ඩබ්.එම්. ජයතිලක බණ්ඩා යන  ක්‍රීඩකයින් නව දෙනා ඊට සහභාගි වෙති.

පැරා ත්‍රෝ බෝල් ක්‍රීඩාව ලංකාවට හදුන්වා දුන්නේ පළමුවන වරටය. කාම්බෝජයේ පැවැත්වෙන පළමුවන ආසියානු පැරා ත්‍රෝ බොල් තරගාවලියට ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, තායිලන්තය, මැලේසියාව වැනි ආසියාතික රටවල පැරා ත්‍රෝ බෝල කණ්ඩායම් සහභාගි වීමට නියමිතය.

ජාතික පැරා ත්‍රෝ බොල් කණ්ඩායම ලංකාවේ විවිධ ප්‍රදේශ නියෝජනය කරනු ලබයි. ශ්‍රීලංකා පැරා ත්‍රෝ බෝල් සම්මේලනයේ පුර්ණ සංවිධානයෙන් ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරාගනු ලැබීය. ක්‍රීඩා අමාත්‍යාංශයේ, ශ්‍රීලංකා පැරා ඔලිම්පික් කමිටුවේ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ පූර්ණ අනුමැතිය මෙම අවස්ථාවට හිමිව තිබේ.

ජාතික ත්‍රෝ බොල් සම්මේලනයේ අනුශාසක, රත්නපුර කුමර විද්‍යාලයේ විදුහල්පති පියසිරි පතිරගේ මහතා කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කරයි. පුහුණුකරුවන් වන අයි.එන්කේ. රත්නායක සහ එම්.එල්.එන්. රිල්වාන් දෙදෙනාද, ත්‍රෝ බෝල් සංගමයේ සභාපති ටී.එච්.ඩී. චන්දන, ලේකම් එස්.එස්. වික්‍රමසිංහ සහ කමිටු සාමාජික මේජර් ඒ.එස්.එම්.සී.කේ. අත්තනායක යන මහත්ම මහත්මීහු නිලධාරීන් ලෙස ඊට එක්වෙති

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *