(සමන් පෙරේරා)
සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මැයි මස 1 සිට 7 දක්වා මුල් සතිය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගෙ සංඛ්‍යාව 33,910ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අනාවරණය කරයි. එම අධිකාරිය මගින් සිදුකරන ලද නවතම සංඛ්‍යාලේඛන මගින් මේ බව අනාවරණය කර තිබේ. ඒ සමඟ 2025 වර්ෂය ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 930,794ක් දක්වා ඉහළ ගොස් තිබීම ද විශේෂත්වයකි.
ගත වූ 2023 හා 2024 වසරවල මැයි 01 සිට මැයි 07 දක්වා සතිය පිරික්සීමේ දී එම වර්ෂවලට සාපේක්ෂව මේ වසරේ මැයි 1 සිට මැයි 7 දක්වා සතිය තුළ සංචාරකයින්ගේ පැමිණිම කැපීපෙනෙන ලෙස ඉහළ යාම මෙරට සංචාරක ක්ෂේත්‍රය ලැබූ සුවිශේෂි අවස්ථාවකි. එනම් 2023 වර්ෂයේ දී පැමිණි සංචාරක ප්‍රමාණය 18,761 ක්වූ අතර 2024 දී 28,526ක් ලෙසින් එය වාර්තා වී ඇත.ඒ අනුව 2025 මැයි මුල් සතියේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 33,910කි.


