නික්කි රණසිංහ
සාමාන්‍යයෙන් පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාස වල මල් පිපීම ආරම්භ වන රොබරෝසියා වසන්තය දැන් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් දැකගත හැකිය. මින් මීගමුව, හලාවත පාර, කාක්කපල්ලිය අසළ ඇති රොබරෝසියා ගස් යාය සමාජ මාධ්‍ය ජාලා වල මෙන්ම දේශීය විදේශීය සංචාරකයින් අතර ද දැන් ඉමහත් ප්‍රසිද්ධියට පත් වෙමින් පවතී.
සම්පූර්ණයෙන්ම රෝස පැහැති මලින් වැසුණු රොබරෝසියා ගස් මෙන්ම ඒ ගස් යට ඇති රෝස පැහැති මල් වැස්මත් අතිශයින්ම ආකර්ශණීය මෙන්ම සුවඳවත් දර්ශනයකි.
මේ රොබරෝසියා දිවයිනට ආවේණික ශාකයක් නොවේ. මෙහි නිජබිම වන්නේ දකුණු ඇමරිකානු රටවල් වන බෙලීසය, කොලොම්බියාව, කොස්ටරිකාව, එල් සැල්වදෝරය, ගුවැඩෙලෝපය, හොන්ඩුරාසය, මෙක්සිකෝව, නිකරගුවාව, පනමාව සහ වෙනිසියුලාවයි. ශ්‍රී ලංකාව ඇතුළු ඝානාව, ට්‍රිනිඩැඩය සහ ටොබගෝව රටවල් වලද රොබරෝසියා දක්නට ඇත්තේ ඒ රටවල්වලට හඳුන්වා දෙන ශාකයක් ලෙසයි.
කාක්කපල්ලිය අසළ දක්නට ලැබෙන්නේ ලංකාවේ දිගම රොබරෝසියා ගස් යාය වීම විශේෂත්වයකි.


