රුපියල් 240ට විකුණන්නේ;ඉන්දියාවෙන් රුපියල් 110 ට ලංකාවට ගොඩබාන සහල්

යසංග මහවිතාන

සහල් පිට රටින් ගෙන එන්නට නම් ජනාධිපතිකම පිටකොටුවේ මුදලාලි කෙනෙකුට දෙන්නැයි කී නායකයන් සහල් කිලෝවට රුපියල් 65ක බද්දක් පනවා ඉන් රු. 55ක් මුදලාලිලාට ලබා දෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා චෝදනා කරයි.

ඒ මහතා මේ අදහස් දැක්වූයේ දෙරණ වාද පිටිය වැඩසටහනට සහභාගි වෙමිනි.

ඉන්දියාවෙන් රුපියල් 110කට ලංකාවට ගොඩබාන ස්වර්ණ සහල් කිලෝවක් රටේ ජනතාවට රුපියල් 240කට මිලට ගැනීමට සිදුව ඇති බවට සමන් රත්නප්‍රිය මහතා තව දුරටත් ප්‍රකාශ කළේය.

මෙතෙක් ඉතිහාසයේ ආණ්ඩුවක් විසින් සහල් සඳහා පනවන ලද උපරිම බද්ද සහල් කිලෝවට රුපියල් 12ක් බව  රත්නප්‍රිය මහතා පවසයි.සමාජවාදී ජනතාවාදී යැයි කියන මාලිමා ආණ්ඩුව සහල් කිලෝවක් සඳහා රු. 65ක බද්දක් පැනවූ බවද, ඔහු පෙන්වා දෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *