යසංග මහවිතාන
අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් තරග වැදීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සඳහා 17 හැවිරිදි ආයුෂ් මැත්රේ කැඳවා තිබේ.
අත්හදා බැඳීමක් ලෙස බඳවා ගැනීමට ක්‍රීඩකයන් කිහිපදෙනෙකු චෙන්නායි වෙත පසුගිය දිනක කැඳවා තිබුණි. ඉන් මැත්රේගේ ප්‍රහාරාත්මක පන්දුවට පහරදීම විශේෂයෙන් ඇගයීමට ලක් විය.
ආබාධයකට ලක්ව තරගාවලියෙන් ඉවත්වීමට සිදු වූ චෙන්නායි නායක රුතුරාජ් ගයික්වාඩ් වෙනුවට මෙම කැඳවීම සිදුකර තිබේ.රුතුරාජ් ගයික්වාඩ් ආබාධයකට ලක්ව තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙන් චෙන්නායි පිලේ නායකත්වයට හිටපු නායක මහේන්ද්‍ර මහේන්ද්‍රසිං ද්‍රෝණි පත්කර තිබේ.
මැත්රේ, රංජි කුසලාන ක්‍රිකට් තරගාවලියේදී මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරනු ලබන බව වාර්තා වේ.
ඔහු මේ දක්වා ක්‍රීඩාකර ඇත්තේ පළමුපෙළ තරග 09ක් පමණකි එම තරග නවය තුළදී ශතක 02ක් සහ අර්ධ ශතකයකට ඔහු හිමිකම් කියයි.
