රිලව්,ලේන්නු මාතලේ බෝගත් වනසති

නාඋල – ඉන්දික අරුණ කුමාර

 මාතලේ දිස්‍ත්‍රික්කයේ ගොඩ භූමි වල වගාකර ඇති කර ඇති කුරක්කන් හා අබ වගාවන්ට ලේනුන්ගෙන්  හා රිළවුන්ගෙන් හානි සිදුවෙමින් පවතින බව ගොවිහු කියා සිටිති.

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ රැසක ගොඩ භුමිවල මෙවර කුරක්කන් මෙන්ම අබ වගාකර තිබේ.

මේ වන විට එම වගාවල අස්වනු නෙලිම දක්වා වර්ධනය වි ඇති බවත් සිය වගාවන් හි අස්වනු ආහාරයට ගැනීම සදහා රිළවුන් මෙන්ම ලේනුන් ද හුරුවීම බරපතල තත්ත්වයක් බැව් ගොවිහු කියා සිටිති.

පසුගිය කන්න වල දක්නට නොලැබුණු මෙම තත්ත්වය මේ වන විට වර්ධනය වෙමින් පවතින බවත් මේ හේතුවෙන් සිය වගාවන් හි අස්වනු නෙලීමට කිසිවක් ඉතිරි නොවනු ඇතැයි ගොවිහු මැසිවලි නගති.

ඡායාරූප

01 මාතලේ – නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගොඩ භූමි වල වගාකර ඇති අබ හා කුරක්කන් මිශ්‍ර වගාවක් ලේනුන්ගේ හා රිළවුන්ගේ ග්‍රහණයට නතු වී ඇති අයුරු.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *