රාජ්‍ය වෙසක් මහෝත්සවය ඇරඹෙයි

(මොහොමඩ් ආසික්)

රාජ්‍ය වෙසක් මහෝත්සවය ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ වැඩමවීමෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී අද (10) ආරම්භ කෙරිණි.

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව කොත්මලේ මලියදේව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කිරීම ද කුරුණෑගල ශ්‍රී විෂ්ණු දේවාලය පූජා භූමියක් බවට පත් කිරීමද සිදුවිණි..

මීට අමතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 23ක් සංවර්ධනය කිරීම සඳහා සඳහා රුපියල් මිලියන 10ක මූල්‍ය පරිත්‍යාගයක් ද සිදු කෙරිණි.

රාජ්‍ය වෙසක් මහෝත්සවය ලබන 16 දින දක්වා පැවැත්වීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *