රනිල්  අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

යසංග මහවිතාන

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියමිතය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා  ඔහු සෞඛ්‍ය ඇමතිවරයාව සිටි කාලයේ මෙරටට ඖෂධ ගෙන්වීම සම්බන්ධව කරන ලද ප්‍රකාශයකට අනුව ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙසේ හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණයට කැඳවා ඇති බව වාර්තා වේ.

කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට අනුව හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගෙන්ම මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම හේතුවෙන් මෙසේ හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක්  ලබා ගත් ගැනීමට නියමිත බව කියැවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *