රථවාහන නීති උල්ලංඝනය කළ යතුරුපැදි. තිස් හයක් අත්අඩංගුවට

(වැලිගම  තරංග ගුණරත්න) 

රථවාහන  අනතුරු  වළක්වා ගැනිම සදහා   මාතර මුලස්ථාන පොලිසිය විසින්  වෙසක් පෝ දින (12 ) දින මාතර නගරයේදී  සිදුකළ  රථවාහන පරීක්ෂාවකදී  නීතී විරෝධී යතුරුපැදි 36 අත්අඩංගුවට ගෙන තිබේ .

මාතර නගරයේදී සිදුකළ  යතුරුපැදි පරීක්ෂාවකදී   මෙම යතුරුපැදි අත්අඩංගුවට ගැනුනේ ව්‍යාජ අංක තහඩු , වෙනස් කළ සයිලන්සර්  සහ  අමතර උපාංග සවිකළ ඇතුළු රථවාහන  නීති උල්ලංඝනය කර තිබූ බැවිනි.
එම අත්අඩංගුවට ගන්නා ලද යතුරුපැදිවල දක්නට ලැබුණු රථ වාහන නීති උල්ලංඝනය කිරීම් නම්,   ව්‍යාජ අංක තහඩු ,  ශබ්දය වෙනස් කිරිම සදහා  සයිලන්සර් ඉවත්කිරීම සහ  විකෘති කොට  වෙනස් කිරිම , විවිධ නාද රටා සහිත අමතර උපාංග සවිකිරීම  , පැති කණ්ණාඩි ඉවත කිරිම ආදියයි

තවද විශේෂයෙන්  එම යතුරුපැදි කරුවන්  බහුතරයක්  පුහුණු විමි රියදුරු බලපත්‍රය සහිත වයස  18- 20 අය වෙති.
මෙම පිරිස ගාල්ල , වැලිගම  , අකුරැස්ස , මාතර යන ප්‍රදේශයේ පදිංචි කරුවන් බව පොලිසිය පවසයි .

⁣ අත්අඩංගුවට ගන්නා යතුරුපැදි  මෝටර් රථ කොමසාරිස් වරයාගේ පරීක්ෂාවකට ලක්කොට  අධිකරණයවෙත ඉදිරිපත් කිරීමට නියමිතය

මෙම රථවාහන පරික්ෂාව සඳහා මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක   සුදුසිංහ.මහතාගේ උපදෙස් මත  රථවාහන අංශයේ ස්ථානාධිපති උ. පො.ප  සනත් මහතාගේ  මෙහෙයවීම මත  උ.පො.ප නිහාල්.පො.සැ 68864 බුද්දික , පො.සැ. 36309 සුදත්, පො.සැ.33691 රොශාන්, පො.සැ.15965 සුජිව, පො.සැ.37980 සංජිව, පො.සැ.55981 අජිත්, පො.සැ.55898 බන්දුපාල, පො.සැ. 55875 දිසානායක , පො.සැ.55873 නිමල් , පො.සැ.64875 චන්ද්‍රලාල් , පො.සැ. 66415 ගම්හෙවා,68647  දිල්ශාන් ., පො.කො 84747 මදුරංග ,45541 කුමාර.,පො.කො 84161 මදුශාන් , පො.කො 81720 චතුරංග. පො.කො 87630 අසංක,  පො.කො. 89489 සදකැලුම් ,පො.කො 40343   ලහිරු,94825 ලක්සිරි,පොකො.97499 සචිත්තක ,පො.කො 30671 සුලක්ෂන , පො.කො 100782 කෙතුජන්,පො.කො. 100756 ඉශාර, කා.පො.සැ 53 11 බන්ඩාරනයක. කා.පො.කො 8446 අමින්දි යන නිලධාරීන් කණ්ඩායමක්  එක්වුහ . 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *