අජිත්ලාල් ශාන්තඋදය
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනට පෙර මැයි 04දා සවස සහ 05දා උදෑසන රත්නපුර මහ නගර සභා සීමාවේ ඇති සියලුම ඡන්ද මධ්‍යස්ථාන ධූමායනය කරන බව රත්නපුර දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් සුරංග අඹගහතැන්න මහතා පැවසුවේය.
මෙ වනවිට රත්නපුර මහ නගර සභා බල ප්‍රදේශය ඩෙංගු අවදානම් ප්‍රදේශයක් ලෙස හඳුන්වයි. ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්යක්ෂ අනෝජ් රොඩ්රිගෝ මහතා පැවසුවේ රත්නපුර මහ නගර සභා සීමාව, රත්නපුර ශීක්ෂණ මහ රෝහල අවට ප්‍රදේශය ඩෙංගු වසංගත තතත්වයක් ඇති බවයි.
රත්නපුර මහ නගර සභා සීමාවේ ඡන්ද කොට්ඨාස 15ක් පිහිටුවා ඇත. ඒ කොට්ඨාසවල සියලුම ඡන්ද මධ්‍යස්ථාන මෙසේ ධුමායනයට ලක් කරන්නේ, ඡන්ද නිලධාරින්ගේ මෙන්ම ඡන්ද දායකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරිමට බව රත්නපුර දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේ.ඩී.එම්. නිශාන්ත මහතා පැවසුවේය.
මීට අතමරව ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් හදුන්වා දී ඇති මදුරු නාශක ආලේපන සෑම ඡන්දපොළ නිලධාරියෙකු වෙතම තම ශරීරයේ ආලේපනය කර ගැනීමට ලබාදෙන බව රත්නපුර දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් සුරංග අඹගහතැන්න මහතා තවදුරටත් පැවසුවේය.
රත්නපුර දිස්ත්‍රික් ලේකම් ලේකම් කේ.ඩී.එම්. නිශාන්ත මහතා සහ රත්නපුර දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් සුරංග අඹගහතැන්න මහතා.
