අජිත්ලාල් ශාන්තඋදය




පාසල් දරුවන්ට අතීතයේ පැවති ගැමි ජීවන රටා, වෛද්‍ය ක්‍රම, කෘෂිකාර්මික කටයුතු, ආහාර කල්තබාගත් ක්‍රම, පෝෂණය සහ සෞඛ්‍ය පවත්වාගෙන ආ ආකාරය ඇතුලු සාම්ප්‍රදායික සමාජ රටා ගැන අවබෝධයක් ලබාදීමේ තුන්දින ප්‍රදර්ශනයක් රත්නපුර, ගැටන්ගම, රාජකීය විද්‍යාල පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි.
පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සිසුන්ට මෙන්ම, වර්තමානයේ ජීවත්වන අතීත ගම හා ගැමි ජීවන රටාවන් නොදන්න සියලු දෙනාට මෙම ප්‍රදර්ශනය ඉතා වැදගත් විය.
සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය ප්‍රධාන ආරධිතයා විය. රත්නපුර රාජකීය විද්‍යාලයේ අනු පස්වන සංවත්සරය නිමිත්තෙන් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණි.
නාගරීකරණය වී ඇති වර්තමානයේ ගෙවල්වල දක්නට නැති, මිරිස්ගල, දරලිප, වංගෙඩිය, මෝල් ගහ, කුල්ල, ඇතුල්පත, හිරමණය, හැදි අලුව, කිරිගොට්ට, නෑඹිලිය, ලුණු පොල් කට්ට, ලබුකැටය, කැත්ත උදැල්ල, දෑකැත්ත, නගුල, පන් පැදුර, ලනු මැස්ස, හත්තිය, කුඹුරු උදැල්ල, පෝරුව, සේරුව, චිමිනි ලාම්පුව, ලන්තෑරුම, අටුව, ආදී උපකරණ සියැසින් බලා ගැනීමට මෙම ප්‍රදර්ශයේදී හැකිවිය.
ප්‍රාථමික අංශයේ දුවා දරුවන්, ගමරාළ, ගම මහගේ, ආදී චරිත, අතීත ඇදුමින් සැරසී, අතීත භාෂාවද භාවිත කරමින් නරඹන්නන්ට මහගු පාඩමක් කියා දුන්නේ ය.
වර්තමානයේ මෙම රාජකීය විද්‍යාලය සබරගමු පළාත් සභාව මගින් පාලනය වන 1-13 පංති පැවැත්වෙන විද්‍යාලයකි. ශ්‍රීලංකාවේ මුල්ම මධ්‍ය මහා විද්‍යාල කිහිපයට අයත් එකක් වු මෙය 1930දී සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ වු එකකි.
වර්තමානයේ සිසුන් දහසක් පමණ සිටියද ඉන් වැඩි පිරිසක් ප්‍රාථමික පන්තිවල දුදරුවන්ය.
ඡායාරූප කැප්සන්:
- සේරුව ඇතුලු උපකරණ
- අටුව
- කුස්සියේ උපකරණ
- වී බිස්ස සහ පිල