බෙලිහුල්ඔය එස්. රත්නායක
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නැතුවම බැරි යෙදවූමක් ලෙස වැලි වලට ඇත්තේ ඉහළ අගයකි. වැලි ප්‍රවාහනය සඳහා අවශ්‍යමයෙන්ම තිබිය යුතු බලපත්‍ර නිකුත් කිරීමේ පවතින අවශ්‍යතා සහ අනෙකුත් සාධක හේතුවෙන් මේ දිනවල වැලි හිඟයක් පවතින ක්ෂේත්‍රයේ නිරත වෙළෙන්දෝ පවසති. වැලිවල පවතින හිඟයත් සමඟම මේ වනවිට රුපියල් දාහතර දහසක්ව තිබූ වැලි කියුබයක මිල රුපියල් විසිතුන් දහස දක්වා ඉහළ අගයක් ගෙන ඇත.
ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන ආයතන විසින් පවසන්නේ මෙම වැලි හිඟය නිසා මිල ඉහළ ගොස් ඇති බවයි. ඉල්ලුමට සරිලන සැපයුමක් සිදු කිරීමට නොහැකි බව ඔවුන් පවසයි. කෙසේ වෙතත් හිතූ මතේ මෙම මිල ගණන් ඉහළ යාම හේතුවෙන් සාමාන්‍ය ජනතාව සිය ඉදිකිරීම් කටයුතු කර ගැනීමේ දී මහත් අපහසුතාවයට පත්ව ඇති බව පැවසේ.
