රංජන් මඩගම්මන
සබරගමුව පළාත් ලේඛක නවීනයන් හා ප්‍රවීණයන් ග්‍රන්ථකරණයෙහි කාර්‍යක්ෂම කිරීමෙ අරමුණින් සබරගමු පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මගින් ප්‍රථම වරට සංවිධානය කළ රතන පරපුර ලේඛණ සංගමය ග්‍රන්ථ සංකථනය මෙම මස 23 වන දින ප.ව. 1.30 ට පළාත් පුස්තකාල දේශන ශාලාවේ දී පැවැත්වේ.
මේ පිළිබඳව අදහස් දක්වන සබරගමු පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති වෛද්‍ය අජිත් කල්‍යාණ අමරසිංහ මහතා පැවසූයේ ජනතාවගේ රස වින්දනීය සීමාවන් ස්පර්ශ කිරීම තුළින් සංවේදී සමාජයක් ගොඩනැංවීම මෙහි අරමුණ බවය.
මෙහිදී දක්ෂිකා සුරනි පෙරේරාගේ කොටු පවුර හෙවත් මේධානන්ද, සරත් ආනන්දගේ කපොකි, ආශ්චර්යා බණ්ඩාරගේ මන්දාලෝකයෙන්, දිනේෂ් රත්මල්ගොඩගේ ගේ රාග යන රත්නපරපුරේ ග්‍රන්ථ සංකථන කිරීමට යෝජිතය.
ආචාර්‍යය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතය.
