(සංජීවනී පද්මසේන)
මෙරට වනාන්තර පද්ධතිය තුළ සිටින නම් දරාපු ඇතුන් අතර “රට්ට ඇතා” වනලෝලී හිතවතුන් අතර නම් ඉතා ජනප්රිය ඇත් රාජයෙකි. නිතර කලහා කරගන්නා චණ්ඩියෙකු ලෙස නම් දරාපු රට්ට වෙනත් ඇතුන් සහ අලින් සමඟ නිතර දබර කරගන්නා හිතුවක්කාරයෙකි.
ඊයේ සවස ගල්කිරියාකන්ද වැව් කන්ඩිය මත දී රට්ටගේ තවත් දබරයක් වාර්තා වන්නේ ඔහුගේ චණ්ඩිකමට තවත් සාක්ෂියක් එක් කරමිනි.
වැව් බැම්ම මත සිටින වන අලියෙකු ඉදිරියට පැමිණෙන රට්ට අලියාට පහර දී පන්නා දමා තිබේ. ඇතාගේ දළ පහර කාගෙන අලියා පළා යන්නේ ගම්මානය දෙසට ය. අලියා නැවත වනයට පළවා හැරීමට ගම්වාසීන්ට මහත් පරිශ්රමයක් දැරීමට සිදුවී තිබේ.
මීට පෙර ද රගු ඇතා සමඟ දබරයකට පැටලී සිටි රට්ට නැවතත් ඇත් වීරයෙක් බවට පත්වී වනය දෙසටම ගමන් කර ඇත.


