පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ
රජයට අයත් ඉඩම් බදු පදනම මත ලබා ගෙන ඒවා සංවර්ධනය නොකර අත්පත් කරගෙන සිටින පිරිස් වෙත කඩිනමින් එම ඉඩම් සංවර්ධනය කරන ලෙසත්, එසේ නොමැති වුවහොත් බදු පදනම නවතා දමා නැවත එම ඉඩම් රජයට ලබා ගැනිමට කඩිනමින් කටයුතු කරන බවත් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන ඇමති ආචාර්ය චන්දන අබේරත්න මහතා පුත්තලමේදී පැවසිය.
ඇමතිවරයා මේ බව පවසා සිටියේ පුත්තලම දිස්ත්‍රික්කයේ ගම් වැදී ඇති වල් අලි පලවා හැරිම සම්බන්ධව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්විමට එක්වෙමිනි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා මෙසේද පැවසීය.
අලි මිනිස් ගැටුම දරුණු අතට පත්වෙලා බරපතල ගැටළුක් වෙලා. මේ වන විට මට ලැබුණ තොරතුරු අනුව ආණමඩුව, පුත්තලම,මහකුඹුක්කඩවල,වනාතවිල්ලුව,පල්ලම,නවගත්තේගම,යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ වල විවිධ පුද්ගලයින් ,අක්කර 25 හෝ එයට වැඩි රජයේ ඉඩම් බදු ලබා ගැනිමෙන් පසු ,කිසිදු සංවර්ධන කටයුත්තක් නොකර තැබිම මේ ආසන්නයේ ජීවත් වන ජනතාවට බරපතල ප්‍රශ්ණයක් වෙලා.
පළමුව මේ ඉඩම් ලබා ගෙන ඇති පිරිස් වෙත අපි දැනුමදීම් කර සංවර්ධනයට කටයුතු කරන්න කියලා දැනුවත් කරනවා.එසේ නොකරන පිරිස් වෙත අදාල නීති රීති අනුව එම ඉඩම් නැවත ලබා ගැනිමට ඉදිරියේදී කටයුතු කරන්න සුදානම් වෙනවා.
මොකද ගම්මාන ආසන්නයේ මෙවැනි විශාල ඉඩම් මේ වන විට කැලැ බවට පත්වි වල් අලි රංචු වල රැදි සිටිමේ ස්ථාන බවට පත්වෙලා.
ඒ නිසා එම තත්වය ගම්මාන වල පදිංචිකරුවන්ට තර්ජනයක්.මේ ඉඩම් ලබා ගෙන කිසිදු සංවර්ධන කටයුත්තක් නොකරන පිරිස් වෙත අපි නැවතත් දැනුම් දෙන්නේ සංවර්ධන කටයුතු ආරම්භ කරන්න කියලා.
එසේ නොමැති වුවහොත් ඉඩම් නැවත පවරා ගන්න අපි පසුබට වෙන්නේ නැහැ .මොකද මේ නිසා අලි මිනිස් ගැටුම උග්‍ර අතට පත්වෙලා යැයි ඇමතිවරයා පැවසීය.
මෙම අවස්ථාවට පරිසර නියෝජ්‍ය ඇමති ඇන්ටන් ජයකොඩි,අජීත් ගිහාන්,ගයාන් ජානක,හිරුණී විජේසිංහ යන ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හා පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී.හේරත් මහතා සමග වනජීවි දෙපාර්තුමේන්තුව,වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව,ප්‍රාදේශීය ලේකම්වරුන්,අපදා කළමණාකරණ දිස්ත්‍රික් ඒකකයේ අධ්යක්ෂ ,ආරක්ෂක අංශ හා තවත් රාජ්‍ය හා රාජ්‍ය නොවන පිරිස් රැසක් එක්ව සිටියහ.
