යෝෂිත හා මිත්තනියට නැවතත් අධි චෝදනා

යසංග මහවිතාන

මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ මිත්තනියක වන ඩේසි ෆොරස්ට් මහත්මියට නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේදී යළිත් අධි චෝදනා ගොනුකර ඇත.

මෙසේ අධි චෝදනා ගොනුකොට ඇත්තේ උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි රුපියල් මිලියන 59 ක හවුල් ගිණුමක් පවත්වාගෙන යාම සම්බන්ධයෙනි.  මෙලෙස අධිචෝදනා ගොනු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

යෝෂිත රාජපක්ෂට හා ඔහුගේ මිත්තණිය ඩේසි ෆොරස්ට් මහත්මියට මින් පෙර අධි චෝදනා ඉදිරිපත් කර තිබුණේ  2012 සහ 2015 කාලසීමාව තුළ  රත්මලාන සිරිමල් වත්ත උයන සහ දෙහිවල ප්‍රදේශයේ පිහිටි, රුපියල් ලක්ෂ 800කට අධික වටිනාකමකින් යුත් ඉඩම් සහ දේපළ අත්පත් කර ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙනි. පසුගිය අප්‍රේල් 4 වෙනිදා එම නඩුව සම්බන්ධයෙන් අධි චෝදනා චෝදනා පත්‍ර භාරදීමෙන් පසු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් දෙදෙනා ඇප මත මුදා හරින ලදී.ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේය. එම නඩුව මැයි මස තිස් වන දා නැවත කැඳවීමට  නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *