යුරෝපයට යාමටසිටි විදේශිකයන් හා කැනඩාවට යාමට සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක්  අත්අඩංගුවට

ලක්මිණි නදීෂා – කොළඹ 

යුරෝපයට පළා යාමට සිතා, මෙරටට පැමිණ නීතිවිරෝධී ලෙස රැදී සිටි බංගලදේශ ජාතිකයන් 10 දෙනෙක් ඊයේ(24) පස්වරුවේ කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් විසිනි.

ඔවුන් සියලුම දෙනා වයස අවුරුදු 20 ත් – 30 ත් අතර පසුවන , බංගලාදේශ ජාතික පිරිමි පුද්ගලයන් වන අතර , ඔවුන් බංගලාදේශයේ සිට ඉන්දියාව වෙත ගොස් එතැන් සිට , ඉකුත් පෙබරවාරි මාසයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ එහිදී සංචාරක වීසා ( On Arrivel Visa ) ලබා ගෙන මෙරටට   පැමිණ සිටි අය වූහ .

ඔවුන් ශ්‍රී ලංකාවේ සිට ඩුබායි වෙත ගොස් , එතැන් සිට ඊජිප්තුව වෙත ඇතුළු වී , ඉන්පසුව මධ්‍යධරණී මුහුද තරණය කර , යුරෝපය වෙත පිවිසීමට සැළසුම් කර තිබූ බව ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ .

මේ අතර කූඨ ලෙස සකස් කළ කැනඩා වීසා බලපත්‍ර භාවිතා කරමින් කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු සහ ඔවුන් ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ තැරැව්කරුවෙකු , කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් ඊයේ(24)  පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .

මෙසේ කැනඩාවට පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනා වයස අවුරුදු 35 ත් – 40 ත් අතරේ පසුවන , කොළඹ , කළුතර , බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල පදිංච් රජයේ සේවකයෝ , ව්‍යාපාරිකයෝ සහ මෑතකදී  විදේශ ගත වී මෙරටට පැමිණ සිටින්නන් වීම විශේෂත්වයකි .

Leave a Comment

Your email address will not be published. Required fields are marked *