අජිත්ලාල් ශාන්තඋදය
ලෝක අභ්‍යාවකාශ දිනය ලෙස ලොව පුරා රටවල් රැසක් සැම වසරකම අප්‍රේල් 12දා සමරනු ලබයි. 1961 අප්‍රේල් 12දා රුසියාවේ බයිකෝනූර් කොස්මෝඩ්රම් වෙතින් ගුවන් ගතවු වොස්ටොක් 1 යානයෙන් පළමු මිනිසා අභ්‍යාවකාශ ගතවිය. ඒ රුසියානු ගගනගාමි යූරී ගගාරින් වීරයායයි.
පෘතුවිය වටා පැය එකකතුත් මිනිත්තු හතළිස් අටක් අභ්‍යාවකාශයේ ගතකළ මේ අජඨාකාශගාමියා, අජඨාකාරයට ගිය පළමු මිනිසා බවට පත්විය. මෙම කක්ෂගතවීම හෙවත් අභ්යාවකාශගතවීම 1962 වසරේ සිට ලෝකයේ බොහෝ රටවල් ”ලෝක ගුවන් සේවා සහ අභ්‍යාවකාශ දිනය” ලෙස සලකයි.
අන්තර් ජාතික ගුවන් සේවා බළකාය 1969 අප්‍රේල් 12දා ”ලෝක ගුවන් සේවා සහ අභ්‍යාවකාශ දිනය” නම් කරමින් යුරී ගගාරින් ඇතුලු අභ්‍යාවකාශගාමීන්, ගගනගාමීන්, තාරකා විද්‍යාඥයින්, සහ පර්යේෂකයින් සියලු දෙනාම සිහිපත් කරන දිනයක් බවට නම් කෙරුණි.
යුරී ගගාරින් ලොව පළමු අජඨාකාශගාමීයා 1961 දෙසැම්බර් මාසයේ 07දා ලංකාවට පැමිණියේය. එසේ පැමිණි අවස්ථාවේ රත්නපුරයට ද ගියේය. රත්නපුර හිදැල්ලන පිහිටි සීවලී මධ්‍ය විද්‍යාලයට සම්ප්‍රාප්ත වුණ ඔහු එහි පැයක කාලයක් ගත කළේය. සිය ගමන සිහිවන්නට කොස්ගොන්න ගහක් ද සීවලී විද්‍යාල භූමියේ රෝපණය කළේ ය.
සීවලී මධ්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අනුශාසක එස්.පී. සුමනදාස මහතා යුරී ගගාරින් අජඨාකාශගාමියා සියැසින් දුටු කෙනෙකි. සිවලී සම්ප්‍රාප්තියේදී තමන්ගේ පන්තියට යුරී ගගාරින් වීරයා පැමිණි බව ඔහු කියයි. මල්ලිකා වෙත්තසිංහ මහත්මිය යූරී ගගාරින් පිළිගැනීමේ ගීතය ගායනා කළ අය අතරින් කෙනෙකි. වෛද්‍ය අනුර සමරවීර මහතා ගගාරින් වීරයාගේ අත්සන ඔටෝග්‍රාෆ් පොතකට ගත් බව කියයි. ප්‍රකට ලේඛක උපාලි උභයසේකර මහතා ද යුරී ගගාරින් සීවලියට ආ බව සනාථ කළ සාක්කිකරුවෝ වුහ. ඒ නිසාම ගගාරින් වීරයාගේ සීවලී සම්ප්‍රාප්තියේ හැටවන සැමරුම සමරන්නට ලත් උත්සාහය 2021දී කළ නොහැකි වුයේ කොරෝනා වසංගතය නිසා රට ලොක් ඩවුන් කිරිම නිසාය.
එහෙත් 2023දී සීවලී විදු බිමේ යුරී ගගාරින් වීරයා රෝපණය කළ කොස්ගොන්න ගස ඉදිරිපිට යුරී ගගාරින් වීරයාගේ පිළිරුවක් ඉදිවිය. විද්‍යාලයේම චිත්‍ර විෂය භාර පුෂ්ප කුමාර හේරස් මහතා පිළිරුවේ මූර්ති ශිල්පියා විය.
ශ්‍රීලංකාවේ රුසියානු තානාපති ලෙස පත්ව ආ ලෙවාන් සිමියොනව් ජගර්යාන් මැතිතුමා 2023 ජනවාරි 13වන දින සීවලී විදුබිමට පැමිණ මේ යූරී ගගාරින් අජඨාකාශගාමියාගේ පිළිරුව විවෘත කළේය. එතැන් පටන් සීවලී මධ්‍ය විද්‍යාලයත්, රුසියානු තානාපති කාර්යාලය, කොළඹ රුසියානු මධ්‍යස්ථානය අතර බැදිම තීව්ර විය.
උසස් පෙළ සමත්වන සීවලී දරුවන් දෙදෙනෙකුට රුසියාවේ විශ්ව විද්‍යාලයක පුර්ණ ශිෂ්‍යත්ව දෙකක් ද සැම වසරකම ලබාදීමට රුසියාන් තානාපතිවරයා එදා දුන් පොරොන්දුව ඉටුකරමින් මේ වසරේදී සීවලී දරුවන් දෙදෙනෙක් රුසියාවේ වැඩදුර අධ්‍යාපනයට යාමට නියමිතය.
ඉන් පළමුවැන්නා 2025 වසරේ මැද දි රුසියාව බලා යාමට නියමිතය. පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්වයක් ලබා සීවලී මධ්‍ය විද්‍යාලයට ඔහු පැමිණෙන්නේ බළන්ගොඩ, රාස්සගල නම්වු දුෂ්කර ගමේ සිටය. එච්. දිනිදු දුල්නාද් ප්‍රේමචන්ද්‍ර රුසියන් සීවලී මිත්‍රත්ව ශිෂ්‍යත්වය දිනාගත් පළමුවන ශිෂ්‍යයායි.
අප්‍රේල් 12දා ලංකාවේ ජනතාවට අවුරුදු දවසයි. ඇතැම් වර්ෂවල අප්‍රේල් 12දා පරණ අවුරුද්දයි. ඒ නිසා ”ලෝක ගුවන් සේවා සහ අභ්‍යාවකාශ දිනය” දා ලංකාවට අවුරුදු සැණකෙළිය. කෙසේ නමුත් 2025 ”ලෝක ගුවන් සේවා සහ අභ්‍යාවකාශ දිනය” නිමිති කරගෙන ලංකාවේ රුසියානු මධ්‍යස්ථානය සීවලී මධ්‍ය විද්‍යාලයට රුපියල් මිලියන දෙකක් පමණ වටිනා නවීන දුරේක්ෂයක් පරිත්‍යාග කළේ ය.
කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ උපදේශක සහ අධ්‍යක්ෂක මාරියා පොපෝවා, එම මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධප්රිය රාමනායක, මූල්‍ය ප්‍රධානී ඇලෙක්සැන්ඩ්රා ෂලගිනෝවා, රුසියානු මධ්‍යස්ථානයේ සාහිත්‍ය කවය භාර ප්‍රධානී සහ සිංහල විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘ රංජන් සේනසිංහ, රුසියානු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ අධයාපන නිලධාරිණී එලිනා බබේවා, එම මධ්‍යස්ථානයේ රුසියානු භාෂා අංශ ප්‍රධානී ෆිලික්ස් ප්‍රනාන්දු යන ආරාධිතයින් අප්‍රෙල් 08දා පැමිණියේ මුලින් කී දුරේක්ෂය ද රැගෙනය.
සීවලී විදුහල් බිමට පැමිණි දූත පිරිසේ නායිකාව වු මාරියා පපෝවා මහත්මිය පිළිගනු ලැබුවේ සීවලී විදුහල්පති කපිතාන් නීල් ධම්මික වතුකාරවත්ත මහතායි. අනතුරුව ඇය සිවලී විදුබිමේ ස්ථාපිත කරඇති යූරි ගගාරින් පිළිරුවට මල් මාලයක් පැළදීය.
සීවලී මධ්‍ය විද්‍යාලයේ ඒ.සී. ආටිගල අනුස්මරණ ශාලාවේ පැවති උත්සවයේදී ඔවුන්ගේ පරිත්‍යාගය වු දුරෙක්ෂය සීවලී ප්‍රඡාව වෙත පිරිනැමීය. එහිදි කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ උපදේශක සහ අධ්‍යක්ෂක මාරියා පොපෝවා මහත්මිය පැවසුවේ රත්නපුර හිදැල්ලන සීවලිය තමන්ගේ දෙවන නිවස බවයි. ශ්‍රීලංකාවේ රුසියානු තානාපති ලෙස පත්ව ආ ලෙවාන් සිමියොනව් ජගර්යාන් මැතිතුමාගේ සුභාශිංෂණයද ඇය එක්කළාය.
යුරී ගගාරින් වීරයා රෝපණය කළ කොස්ගොන්න ගහේ කොළයක් ඇතුළත් සිහිවටන සීවලී ප්‍රඡාව වෙතින් රුසියානු මධ්‍යස්ථානයෙන් පැමිණී දූත පිරිස වෙත පිරිනැමිණි.
මීට වසර හැටතුනකට පෙර 1961 දෙසැම්බර් 11දා රෝපණය කළ මේ කොස්ගොන්න ගස දැන් ඓතිහාසික ගසකි. අවිස්සාවේල්ල සීතාවක උද්භිද උද්‍යානයේ කාර්ය මණ්ඩලයේ නිරන්තර උපදෙස් මත මේ කොස්ගොන්න ගස සංරක්ෂණය කරනු ලබයි.
ලංකාවට එන සංචාරකයින්ගෙන් සැලකිය යුතු පිරිසක් රුසියානුවන් ය. රුසියාවට සම්බන්ධකම් ඇති තැන්වලට යන්නට එු එන රුසියානුවන් කැමැත්තක් දක්වයි. ඒ නිසා අනාගතයේ ලංකාවට එන රුසියානු සංචාරකයන් සීවලී බිමේ මේ සිහිවටනය දැක බලාගන්නට පැමිණෙනු ඇතැයි විශ්වාසයක් සීවලි ප්‍රඡාව තුල පවතී.
සීවලී මධ්‍ය විද්‍යාලය සහ රුසියාව අතර තිබුණේ සමිප බැදීමකි. ලොව පළමු අජඨාකාශතාමිනිය වු වැලන්ටිනා තෙරෙස්තෝවා මැතිණිය ද 1963 නොවැම්බර් 24දා සීවලියට සම්ප්‍රාප්ත වුවාය. ඒ නිසා හිදැල්ලන සීවලිය සහ අජඨාකාශ ඉතිහාසය හා ඇති බැදීම අපූරුය.
සීවලී මධ්‍ය විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ දරුවන්ගේ ප්‍රයෝජනයට රුසියාවෙන් ලැබුණු දුරේක්ෂය ඉතා ප්‍රයෝජනවත් එකක් බව තාරකා විද්‍යා සංගමය භාර සමන්තා භද්රකුමාරි, රසික ගුණරත්න, නිලූකා මදුරාෂිනී සහ හර්ෂ ධන්ංජය වාස් යන ගුරුභවතුන් අවධාරණය කරයි. සීවලි තාරකා විද්‍යා සංගමයේ ආරම්භ ගුරුතුමිය වු මුදිතා විතාරණ මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.
අභ්‍යාවකාශය ජය ගැනීමෙන් පසු සද තරණය කළ මිනිසා දැන් විශ්වයේ වෙනත් ග්‍රහලෝක වලට පිවිසෙන්නටත්, සැලසුම් හදති. ඒ අතරවාරේ මිනිසාගේ පළමු කක්ෂගතවු මිනිසා පිළිබදව ටිකක් සොයා බැලිම වටී.
යුරී ගගාරින් ඉපදුනේ 1934 මාර්තු 09දාය. හතර දෙනෙකුගෙන් යුතු පවුලක තුන්වැන්නා විය. පියා වඩු කාර්මිකයෙකු විය. මව ගොවිපළක කිරි දොවන්නියක වුවාය. හත්වන වියේ දි ගගාරින්ට දුක්මුසු කාල පරිච්ඡේදයක් උදාවුණේ හිට්ලර්ගේ නාසි හමුදාව සෝවියට් රුසියාව ආක්‍රමණය කිරීමත් සමග යි. ඔවුන්ගේ පවුලේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනාව නාසි හමුදාව බලහත්කාරයෙන් පෝලන්තයට රැගෙන ගියහ. ජිවත් වුණ නිවසද නාසි හමුදාව නිසා ගගාරින්ට අහිමි විය. නාසි හමුදාවෙන් බේරෙන්නට බිම් ගෙයක් තනාගෙන ජීවත් වන්නට ඔවුන්ට සිදුවිය.
දෙවන ලෝක යුද්ධිය ගගාරින්ගේ ජිවිතයට විශාල බලපැමක් එල්ල කළේය. නාසි හමුදාව ඔහු ඉගෙන ගත් පාසල ගිනි තබා විනාශ කළේය. ගගාරින්ට යළි ක්‍රමවත් අධ්‍යාපනයක් ලද හැකි වුයේ යුද්ධය නිම වීමෙන් පසුවය. ගුවන් නියමුවකු වීම ගගාරින්ගේ බලාපොරොත්තුව විය.
යූරී ගගාරින්ගේ කක්ෂය ජය ගැනීමේ කතාව මිහිරි නැත. වරක් ඔහුගේ නිවෙස ආසන්නයේ පිහිටි පෙදෙසකට ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් හදිසියේම ගොඩබස්සනු ලැබීය. එය පැදවු ගුවන් නියමුවාට අවට සිටි ජනතාවගෙන් විශාල ප්‍රතිචාරයක් ලැබුණි. එම සිදුවීම කුඩා ගගාරින්ගේ ගුවන් නියමුවෙකු වීමට බලාපොරොත්තුව තීව්ර් කළේය.
සරටොව්හි කාර්මික විද්‍යාලයේ ගගාරින් අධ්‍යාපනය ලැබීය. එහිදී දේශීය පියාසර සමාජයක ස්වේච්ඡා සේවයට එක්විය. 1955 වසරේ දී මුල්ම වරට ගුවන් යානයක් පැදවීමේ අවස්ථාව ඔහුට හිමිවිය. ගගාරින්, 1955 වසරේ අග භාගයේ දී සෝවියට් ගුවන් හමුදාවට එක් වුයේය. ඔරෙන්බර්ග්හි ගුවන් නියමු පාසලේදී ඔහු විවිධ වර්ගයේ ගුවන් යානා පැදවීම සඳහා පුහුණුව ලබාගත්තේය.
උපදේශකයෙක් යටතේ ගුවන් නියමු පුහුණුව ලැබූ ගගාරින් 1957 වසරේ නොවැම්බර් 5 වැනිදා ඔහුව ලුතිනන් තනතුර දක්වා උසස් කරනු ලැබීය. සිය රාජකාරිය හොඳින් ඉටු කළ ගගාරින් මාස 20කට පසුව තුන්වන ශ්‍රේණියේ ගුවන් නියමුවෙකු බවට උසස් විය. සෝවියට් රුසියාව අභ්‍යාවකාශ ගවේශන වැඩසටහන් 1950 දශකයේදී ආරම්භ විය. 1959 වසරේ ඔක්තෝබර් 6 වැනිදා ලූනා 3 යානය දියත් කිරීම ගගාරින්ගේ අභ්‍යාවකාශ උනන්දුව වැඩි කළේය. අභ්‍යාවකාශ ගවේශන වැඩසටහන සමග සම්බන්ධවීම සඳහා අයදුම්පත් යොමු කිරිමට ගගාරින් පියවර ගත්තේය.
ගගාරින් අභ්‍යාවකාශ පුහුණුවට තේරි පත්වීය. 1961 වසරේ ජනවාරි 17 වැනිදා ඔවුන්ගේ අවසන් පරීක්ෂණය පැවැත්විණි. ප්‍රායෝගික සහ ලිඛිත යන දෙයාකාරයෙන්ම පැවැත්වුණ පරීක්ෂණයේ අවසන් ප්‍රතිඵලයට අනුව අභ්‍යාවකාශ ගමන සඳහා සුදුසුකම් ලබා තිබුණේ යූරි ගගාරින්ය. මෙ අභ්‍යාවකාශ ගමන ජීවිතය නැතිවීම සඳහා 50%ක අවදානමක් තිබුණි. ගගාරින් ඊට මුහුණ දුන්නේ ශක්තිමත්ව ය.
ගගාරින්ගේ මේ අභ්‍යාවකාශ ගමන ගැන බිරිද සහ මව දැන්ගෙන තිබුණේ යානය ගුවන් ගතවන මොහොතේය. ඔහු ඔවුන්ට පවසා තිබුණේ තමන් විනෝද චාරිකාවක් යන බවය. අභියෝගාත්මක අභ්‍යාවකාශ ගමනින් පසු පෘතුවියට ආ ගගාරින් මේජර් තනතුර දක්වා උසස්වීමක් ලැබීය.
1968 වසරේ මාර්තු 27 වැනිදා යි. එදා සිදුවුණු ගුවන් අනතුරකින් ගගාරින් මෙලොවින් සමුගත්තේ ඒ සමුගැනිම සදාකාලික අභිරහසක් බවට පත්කරවමිනි.. සෝවියට් රුසියාවේ ඊළඟ ඉලක්කය වී තිබුණේ මිනිසෙකු සඳ මතට යැවීම යි. ඒ සඳහා සම්බන්ධ වීමට ගගාරින් මහත් ආශාවෙන් සිටියේය. ගගාරින් මිය නොගියේනම් සදමත පා තැබූ පළමු වැන්නාත් යුරී ගගාරින් වීමට ඉඩ තිබුණි.


