යුධ හමුදා කඳවුර ඉදිරිපිට මත්ද්‍රව්‍ය අලෙවි කළ සෙබලා අත්අඩංගුවට

( ලසන්ත නිරෝෂණ පෙරේරා )

උඩවලව යුධ හමුදා කදවුර ඉදිරිපිට  හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය විකුණු බව සැකපිට  හමුදා  රියදුරෙකු (සෙබළෙකු )  ඇඹිලිපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය ව්සින්    02 වනදා සවස අත් අඩංගුවට ගෙන තිබේ .

උඩවලව ශ්‍රී ලංකා විදුලි  හා යාන්ත්‍රික ඉංජිනේරු බලකයායේ සේවයේ නියුතු  සාමාන්‍ය සෙබලෙකු වන රියදුරෙකු  මෙලෙස අත් අඩංගුවට ගත් බව  පොලිසිය පවසයි .

ඇඹිලිපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් අනුව මෙම  වැටලිම උඩවලව යුධ හමුදා කඳවුර ආසන්නයේදි  සිදු කර තිබේ.

යුධ හමුදා කදවුර ඉදිරිපිට නිළ ඇදුමෙන්  සැරසි පිටස්තර පුද්ගලයින්ට මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටියදි සැකකරු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .

  සැකකරු  අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදි   ඔහු සන්තකයේ  තිබි අයිස් නැමැති මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 30ක්  සොයා ගත් බව පොලිසිය පවසයි.

  යුධහමුදා කදවුර තුළ ඇති පුද්ගලික කාමරයේ (ලොකර්) සේප්පුව පරික්ෂා කිරිමේදි ඔහු විසින්ම තම සාක්කුවේ තිබු යතුර රැගෙන සේප්පුව විවෘත කර දුන් පසු පරික්ෂා කිරිමේදී  එය තුළ තිබි අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1100ක් හමුව තිබේ.

මෙම පුද්ගලයා උඩවලව ශ්‍රී ලංකා විදුලි  හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ  සේවයේ කරන අතර  මිද්දේණියේ තලාව ප්‍රදේශයේ ස්ථිර පදිංචී අයෙකු බව විමර්ශන කාණ්ඩායම තහවුරු කරගෙන තිබේ.

ඇඹිලිපිටිය ප්‍රදේශය භාර  පොලිස් අධිකාරි තුසිත කුමාර මහතාගේ නියෝග පරිදි සහකාර පොලිස් අධිකාරි ලසන්ත දඩල්ලගේ මහතාගේ උපදෙස් ඇඹිලිපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඊ.ඩබ්. පුෂ්ප කුමාර මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක්  වැටලිම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සහ පුද්ගලයා අධිකරණ කටයුතු සිදු කිරිම සදහා කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය  විසින් ඇඹිලිපිටිය මුලස්ථාන පොලිසිය වෙත භාර දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *