(වවුනියාව මාධව කුලසූරිය.)
යාපනය,නගරයේ විවිධ ස්ථානවල නවතා තැබු පාපැදි 16 ක් සොරාගත් සොරෙකු ඊයේ(20) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ යාපනය නගරයේ සිදුවන පාපැදි සොරකම් සම්බන්ධයෙන් පොලිසිය වෙත ලද පැමිණිළි මත යාපනය,කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සිදුකළ මෙහෙයුමකදි වයස අවුරුදු 40 ක සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු සතුව තිබි සොරාගන්නා ලද විවිධ වර්ගයේ පාපැදි 16 ක් සොයාගත් බවද පොලිසිය සඳහන් කළහ.
පොලිසිය පැවසූවේ සැකකරු පාපැදි රැසක් සොරාගෙන ගොස් විකුණා මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති බවට අනාවරණය වි ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසය පැවසූහ.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
