වවුනියාව මාධව කුලසූරිය.
මෙවර ප්‍රතිඵල නිකුත් වු අධ්‍යාපන පොදු සහතිකපත් උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයේ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රථමයා හා දෙවැනියා ලෙස එකම නිවසේ ජිවත්වු නිවුන් සහෝදරයින් දෙදෙනෙකු සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයකි.
යාපනය රෝහලේ වෛද්‍යවරයෙකු වු ජමුනානන්දා සිවනාදන් මහතාගේ නිවුන් දරුවන් වු ජමුනානන්දා ප්‍රනවන් දරුවා හා ජමුනානන්දා ජමුනානන්දා සරවනන් යන දරුවන් එලෙස දක්ෂතා දක්වා තිබිණ.
යාපනය හින්දු විද්‍යාලයේ අධ්‍යාපනය ලද ජමුනානන්දා ප්‍රනවන් දරුවන් යාපනය දිස්ත්‍රික්කයේ පළමුවැනියා හා දිවයිනේ තෙවැන්නා ලෙසත්, ජමුනානන්දා සරවනන් දරුවා යාපනය දිස්ත්‍රික්කයේ දෙවැනියා හා දිවයිනේ පස්වැන්නා ලෙසටත් ජීව විද්‍යා අංශයෙන් සුදුසුකම් ලබා තිබිණ.
දරුවන්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් තමන් ඉතා සතුටට පත්වන බව දරුවන්ගේ දෙමාපියන් සඳහන් කරති.

