යාපනය ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් අක්කර 40.7 ක් සිවිල් වැසියන්ට නැවත පවරයි.

වවුනියාව මාධව කුලසූරිය.

යාපනය ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් අක්කර 40.7 ක් සිවිල් වැසියන් වෙත නැවත නිදහස් කිරීම ඊයේ (01) සිදුකෙරිණ.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් මානද යහම්පත් මහතා විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් එම්.ප්‍රදීපන් මහතා වෙත අදාළ ඉඩම් නිදහස් කිරීමට අදාළ ලියවිලි භාරදීම සිදුවිය.

වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වාසවිලාන් කොට්ඨාශයේ ඉඩම් අක්කර 20 ක්,මාන්කොල්ලෙයි ගම්මානයේ ඉඩම් අක්කර 15 ක්,යාපනය,කට්කෝවලම් ප්‍රදේශයේ ඉඩම් අක්කර 5.7 ක් එලෙස සිවිල් වැසියන් වෙත නිදහස් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කොට තිබිණ.

අදාළ ඉඩම් කඩිනමින් ඉඩම්වල මුල් අයිතිකරුවන් වෙත නිදහස් කරන බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පැවසීය.

වැඩසටහන් අවස්ථාවට යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන නිලධාරීන් පිරිසක් හා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *