(සංජීවනි පද්මසේන)
අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිට වව්නියාව විශ්වවිද්‍යාලය දක්වා යතුරු පැදියකින් ගමන් කළ තරුණයින් දෙදෙනෙක් මැදවච්චිය සංගිලිකනදරාව ප්‍රදේශයේ දී අනතුරට ලක්වී ඇත.
යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරේ දී එය පැදවූ 24 හැවිරිදි තරුණයා මිය ගොස් තිබේ.ඔහු බදුරලිය ප්‍රදේශයේ පදිංචි සරසවි සිසුවෙකි.
යතුරු පැදියේ පසුපස ගමන් කළ තරුණයා ද තුවාල ලබා මැදවච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරට හේතුව යතුරු පැදිය පැදවූ තැනැත්තාට නින්ද යාම විය හැකි බව පොලිසිය ප්‍රකාශ කරයි.
මැදවච්චිය පොලීසියේ රථවාහන අංශය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

