යතුරුපැදියක් දුම්රියේ ගැටී දෙදරු පියෙකු ජිවිතක්ෂයට.

(වවුනියාව මාධව කුලසූරිය).

කිලිනොච්චිය,භාරතිපුරම් ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු අද (25) දහවල්  ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ කොළඹ දෙස සිට යාපනය දෙසට ගමන්ගත් ශීඝ්‍රගාමි දුම්රියේ යතුරුපැදියක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් 28 හැවිරිදි පි.අනුසන්රාජ් නමැති පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය සඳහන් කළේය.

අනතුර හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතු පැය භාගයකට ආසන්න කාලයක් ප්‍රමාද වු බවත්,මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය මහ රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමුකළ බවද පොලිසිය පැවසීය..

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොචිචිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *