මෝදි විවෘත කළේ ක්‍රියාත්මක නොවන ශීතාගාරයක්ද? ආණ්ඩුව ජනතාව රවට්ටනවා. හර්ෂගෙන් චෝදනාවක්

චම්පිකා මුතුකුඩ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරය අතරතුරදී විවෘත කෙරුණු දඹුල්ලේ කෘෂි ගබඩා සංකීර්ණය මේ දක්වා ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා චෝදනා කර සිටියි.

ඔහු මෙම චෝදනාව සිදු කළේ එහි නිරීක්ෂණයකට එක්වෙමිනි.

මන්ත්‍රීවරයා සඳහන් කළේ අදාළ ගබඩා සංකීර්ණය විවෘත කළ බව පවසමින් වත්මන් ආණ්ඩුව ජනතාව රැවටීමකට ලක්කර ඇති බවයි.

මෙම ශීතාගාර ව්‍යාපෘතිය ආරම්භ කරණ ලද්දේ  හර්ෂද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසිනි. ඒ යහපාලන ආණ්ඩු සමයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ධුරය දරමින් සිටියදීය. එම ශීතාගාර, උෂ්ණත්වය හා ආර්ද්‍රතාව පාලනය කළ හැකි පරිදි  වර්ග අඩි 5000ක ධාරිතාවයකින් යුතුව නිර්මාණය කර ඇත. අස්වනු නෙළන කාලයේ අතිරික්ත අස්වැන්න ගබඩා කොට තබා, ආහාර අපතේ යාම වළක්වා ගැනීමටත්, ඒ මගින් බෝග වල මිල ඒකාකාරව පවත්වා ගැනීමටත් මෙම ශීතාගාර ඉදිකිරීමෙන් අපේක්ෂා කරන ලදී. බෝග වල මිල ඒකාකාරීව පැවතීම නිසා ගොවියාට ස්ථාවර ආදායමක් මෙන්ම, පාරිභෝගිකයාට ස්ථාවර මිලක් ද අපේක්ෂා කෙරිණි.

ඉන් පසුව එළැඹුණු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේද වරින්වර හර්ෂද සිල්වා හිටපු අමාත්‍යවරයා විසින් ශීතාගාරයේ ඉදිකිරීම් ගැන සොයා බැලීය.

කෙසේවෙතත් එම සංකීර්ණය  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරයේදී පසුගිය 05 වැනිදා මාර්ගගත ක්‍රමය ඔස්සේ විවෘත කෙරුණු බව රජය ප්‍රකාශ කළේය.

එහි වත්මන් ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා 15 වනදා එහි ගිය අතර එය ක්‍රියාකාරීත්වයේ නොපවතින බව ඔහු නිරීක්‍ෂණය කළේය. ගබඩා සංකීර්ණයේ තත්ත්වය සම්බන්ධයෙන් මන්ත්‍රිවරයා සිය ෆේස්බුක් ගිණුමේ සජීවී වීඩියෝවක්ද පළ කර තිණි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *