චම්පිකා මුතුකුඩ
හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීමෙන් දැඩි හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. සිදුවීම සිදුව ඇත්තේ ඊයේ(ඊයේ) උදෑසන 7.30ට පමණය.කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මෙම අනතුරට ලක්ව තිබේ.
මෙම මෝටර් රථයේ සිව් දෙනකු ගමන් කර ඇතත් කිසිවකුටත් හානියක් සිදුවී නොමැත. එසේ වුවත් මෝටර් රථයට දැඩි හානි සිදුවී ඇති බව බව හල්දුමුල්ල පොලිසිය ප්‍රකාශ කරයි.
කඩවත සිට බණ්ඩාරවලට මෝටර් රථයකින් විනෝද චාරිකාවක් පැමිණි තරුණයන් සිව්දෙනක් මෙම අනතුරට මුහුණ දුන්හ..මෙම අනතුර සිදුව ඇත්තේ වර්ෂාවක් නොමැති අවස්ථාවකය.
මේ දිනවල පවතින වර්ෂා සහිත කාලගුණය සමඟ කඳුකර මාර්ගවලට ඉහළින් පිහිටි කඳුවලින් බුරුල් වූ ගල් පර්වත පහළට පෙරළී ඒ මේ අවදානමක් ඇති බැවින් කල්පනාකාරීව රිය ධාවනයේ යෙදෙන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
