මේ රුධිරය අවශ්‍ය මොහොතක්.

එස්. රත්නායක

පවතින අවශ්‍යතාවය මත රුධිර  පරිත්‍යාගශීලීන්ගෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

අප්‍රේල්  19, 20   දෙදින නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ උදේ 8.30 සිට සවස 6.30 දක්වා රුධිරය ලබාදිය හැකිය.අනෙකුත් රුධිර බැංකු වල  පෙ ව.8.30 සිට ප.ව. 3.30 දක්වා රුධිරය පරිත්‍යාග කළ හැකිය.අප්‍රේල් විසි පහ දක්වා පුද්ගලයින් 50 හෝ 75 දෙනෙකු වශයෙන් සංවිධානය විය හැකි නම් ඒ පිළිබඳව තොරතුරු පහත අංකයට දැනුම් දෙන මෙන්ද  මධ්‍යම ලේ බැංකුව  ඉල්ලා සිටියි. සංවිධාන කටයුතු පහසු කර ගැනීම සඳහා වැඩි විස්තර සඳහා ‘වොලන්ටියර් ශ්‍රී ලංකා’ හි 0717811711 ප්‍රමිල  ප්‍රලෝචන ද සිල්වා ඇමතීමෙන් ලබාගත හැකිය.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *