මේ ආණ්ඩුවත් ඉස්සර ආණ්ඩු වගේමයි

කිත්සිරි  වනසිංහ අනුරාධපුර 

බිය වැද්දවීම් ,තර්ජනය කිරීම් හා බලපෑම් කිරීම් කරමින්   ජාතික ජන බලවේගයේ නියෝජිතයින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ යකා නටන්නට පටන් ගෙන ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

වත්මන් පාලනයද පෙර පැවති පාලනයට සමාන බවත් ජාතික ජන බලවේගය වටා එක් වූ බහුතරයක් වූ ගුරුවරුන් ප්‍රධාන සමස්තය වත්මන් පාලනයෙන් එවැන්නක් බලාපොරොත්තු නොවූ බවත් හෙතෙම සඳහන් කරයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරුන්ගේ සිට පළාත් අධ්‍යක්ෂවරයා දක්වා කණ්ඩායම බිය වද්දමින් සිදු කෙරෙන තර්ජනාත්මක ක්‍රියාවන් වහා නතර විය යුතු බවත් එසේ නොවුනහොත් බලපෑම් මත රාජකාරි කිරීම අසීරු කටයුත්තක් බවත් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.

මෙම කටයුතු අභියෝගයට ලක් කරන්නේ නම් එකින් එකට ඒවා පෙන්වාදීමට හැකියාව ඇති බවත් හෙතෙම අවධාරණය කර සිටී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *