සමන් පෙරේරා

මිහින්තලය, රුවන්ගම වැල්ලමොරාන ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් යුද හමුදා නිලධාරීවරයෙකු හා තවත් සිවිල් පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි මිහින්තලේ පොලිසිය පවසයි.
අනතුර සිදුව ඇත්තේ අලුත් අවුරුදු (14) දින රාත්‍රී 10.45 ට පමණ බව මිහින්තලේ පොලිස් රථවාහන අංශයේ උප පොලිස් පරීක්ෂක ආර්.එස්.රණසිංහ මහතා ප්‍රකාශ කළේය. තුවාලකරුවන් දෙදෙනා වහාම මිහින්තලේ රෝහලට ඇතුළත් කර ඇති අතර එක් අයෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ. එහෙත් අද අලුයම වන විට මේ දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ 4 වන සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු මේජර්මේජර්වරයෙකු වූ අනුරාධපුර පාර, මිහින්තලය ප්‍රදේශයේ පදිංචි නිශ්ශංක ආරච්චිලාගේ දිනේෂ් ඉසුරු කුමාර නිශ්ශංක (52) හා නුගසෙවන, පලුගස්වැව, ගල්කුලම ලිපිනයේ පදිංචි එස්.කේ.යූ. සෙනෙවිරත්න (25) නැමැත්තෙකි.
ටොයෝටා වර්ගයේ බොලේරෝ කැබ් රථයකින් ගල්කුලම සිට මිහින්තලය දෙසට පැමිණෙමින් සිටියදී වේගය පාලනය කරගත නොහැකි වීමෙන් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් මෙම රිය අනතුර සිදුව ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.



